Friday, September 30, 2011

එදා ඔහුගේ ජීවිතේ අවාසනාවන්තම දින කිහිපය කිව්වොත් ඉතාම නිවැරදියි. දිනමිණ 2011 09 30

මේ අපේ පොලිස් උතුමන්ගේ අලුත් ම වීර කතාවක් අළලා ලියැවුණු වාර්තාවකි. ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල් යැයි කතාවක් තිබේ. දැන් ග්‍රීස් යකුන් කෙළින පිස්සු නිසා ඇතැම් පොලිස් උතුමන්ට ද සිය ලේ පිපාසාව සංසිඳුවා ගැනීමට ඉඩ හසර උදා වී තිබේ.

මේ වාර්තාවේ එන ඉහත වැකිය සදොස් බව දැක්වීමටය; අපට අවශ්‍යය. එය ව්‍යාකරණමය වරදක් නොව අර්ථමය වරදකි. එදා යනු දිනයකි. එය දින කිහිපයක් ලෙස ගත නොහැකිය. මන්ද මෙය සාහිත්‍යමය ලේඛනයක් නොවන හෙයිනි. සාහිත්‍යයෙහි නම් එවන් යෙදුම් තිබේ.

එහෙයින් මේ වැකිය "එදා ඔහුගේ ජීවිතේ අවාසනාවන්තම දිනය බව කිව්වොත් ඉතාම නිවැරදියි." යනුවෙන් නිවැරදි විය යුතුය.