
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මනරම් බෞද්ධ මන්දිරයක් තුංමුල්ලේ ගොඩනැගිණි. එය සුවිශාල බෞද්ධ කෘති එකතුවක් මෙන් ම අති නවීන ශ්‍රවනාගාර පහසුකම්, පුස්තකාල පහසුකම්, භාවනා කුටි ආදී නේක සම්පතින් අනූන ය.
ලොව විශාලම බෞද්ධ පොත්හල තොරතුරු මධ්‍යස්ථානය ඒ බැව් පැවසේ. ථේරවාදී බුදුදහම ආරක්ෂා කර අනාගත ලෝකයට දීමේ වගකීම සහත් භක්තියෙන් හිස දරා සිටින මෙරට බෞද්ධයින්ට එය මහත් ප්‍රීතියකි.
එහෙත් අති නවීන සියලු පහසුකම්වලින් සමන්විත අපේ බෞද්ධ මන්දිරයේ දැවැන්ත පුවරුවේ (ඉහත ඡායාරූපයේ පෙනෙන පරිදි) 'සියලු' යන්න ලියා ඇත්තේ වැරදි ලෙස ය. බෞද්ධ කෘති සියල්ල ඇති තැනත් 'සියලු' යනුවෙන් ලියන්නේ වැරදි ලෙස ය. එහෙත් එහි කිසිදු ඉංග්‍රීසි වචනයක් වරදවා ලියා නැත. ඉන් හැඟවෙන්නේ මේ පුවරුව ලීවේ සුදු මහත්මයෙක් බව ද?
මෙහි යෙදී ඇත්තේ 'සියල්ල' යන්නේ නාම විශේෂණයයි. සියලු සැප, සියලු රෝග යන අවස්ථාවල මෙනි. සිංහලයේ 'ළ' කාරය (මූර්ධජ) හල් කරන්නේ ද නැත. මේවා දකින කල කුකුල් කේන්තිකාරයින්ට නම් උන් හිටි තැන් අමතක වෙයි. එහෙත් 'කුකුළා' යැයි ලියන අපි 'කුකුල්' යැයි ලියන්නේ උක්ත රීතිය නිසා ය.