Saturday, April 7, 2012

සිලොන්ටා තේ දල්ල

















සති කිහිපයකට පෙර මුළු කොළඹ නගරය පුරා තාප්ප දැන්වීම් පුවරු පුරා අළවා තිබූ වෙළඳ දැන්වීමකි; මේ. තම භාණ්ඩ මිල දී ගන්න පාරිභෝගික ජනතාවගේ භාෂාව ගැන මේ ආයතනවල ඇත්තෝ කෙතරම් නොසැලකිලිමත් කියලා කදිමට පේනවා. සිංහල ලේඛනයේ දී නාම පද අගට යෙදෙන බහු වචන 'වල්' ප්‍රත්‍ය වෙන් කරන්නේ නැහැ. වගේ දලු කියන වචනයයි නිවැරදි. දලු කියන බහු වචන නාම පදය ඒක වචන කරන්න පුළුවන් දල්ල කියලා. දලුව කියලා ලීවත් ඒක වචනයි.

5 comments:

  1. මට මේකේ දලු වෙනුවට දළු යෙදීම හැර අනෙක් වරදක් තේරෙන්නෙ නැහැ.. කරුණාකර පොඩියක් පහදන්න.. නිවැරදිව මෙය කියන්න තිබුණු විදිහත් යෝජනා කරන්න.. සිංහල දැනුම අල්ප වීම ගැන ලජ්ජා වෙමි..

    ReplyDelete
  2. චතුර, මෙහි අනෙක් වැරැද්ද පද බෙදීම හෙවත් වචන වෙන් කිරීම සම්බන්ධව.'වලින්' කියන බහු වචන ප්‍රත්‍ය වෙන් කිරීම වැරදියි. එතකොට ඒක අපි කියන්නෙත් විවෘත 'අ' කාරයෙන්. මොකද වචනයක මුල විවෘත'අ' කාරයයි සිංහලයේ කියන්නේ. එතකොට මේ ප්‍රත්‍ය, නාම පදයක්(වචනයක්)විදිහට කැලෑව, වන බූටෑව වගේ අර්ථයකට යනවා. දලුවලින් කියලා තනි වචනයක් විදිහට ලිව්වාම හරි. එතකොට අපි දන්නවා මේ කියන්නේ බොහෝ දලු ප්‍රමාණයක් ගැන බව. ඒකයි නිවැරදි විදිහ.

    ReplyDelete
  3. කෝ අලුත් ලිපි මොකුත් නැහැනේ

    ReplyDelete