Friday, July 8, 2011

එදින පහන් වන තුරු ...?



විශ්වවිද්‍යාලයක ශාස්ත්‍ර පීඨය නිතර සාහිත්‍ය කලා කටයුතුවලට ඇරුණු රඟමඩලක් විය යුතු ය. එහෙත් මෑත කාලයේ ඒවා මුඩු බිම් බවට පත් විය. රටේ විවිධ නිරස බොල් නිර්මාණ ප්‍රචලිත වීමෙහි ලා මෙය ද එක් හේතුවක් විය. විශ්වවිද්‍යාලය නැවත ඒ කටයුතුවලට මුලපිරීම පුරන් වූ කලා කෙත යළි අස්වදැදෙනු ඇති බවට සුබ මග දසුනකි.

කෙසේ වුව ද භාෂාව භාවිතයෙහිලා අවධානය යොමු කළ යුත්තේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය ගැන පමණක් නො වේ. ප්‍රමුඛ විය යුත්තේ සිය අදහස මැනවින් සන්නිවේදනය වී ද යන්න ය. මේ පුවරුව පවසන ආකාරයට කාලය ගමන් කරන්නේ ආපස්සට ය. නැතහොත් රාත්‍රී 8ට ඇරඹෙන කෝලම් සංදර්ශනය එදින පහන් වන තුරු පවත්වන්නේ කෙසේ ද? සැබවින් ම කීමට අවශ්‍ය වී ඇත්තේ 7 වන දින රාත්‍රී 8 ඇරඹෙන සංදර්ශනය පසු දින එනම් 8 වැනි දිනට පහන් වන තුරු පැවෙත්වෙන බව ය.

සිසුන් මේ පුවරුව මුද්‍රණය කිරීමට පෙර එය අපේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකුට පෙන්වූයේ නම් වරද වහා නිවැරදි කරනු ඇත. එහෙත් ඇතැමුන්ට ඉංග්‍රීසි වැරදීම අවමානයක් වුව ද සිංහල වැරදී ම ආභරණයකි; අද. අහෝ !!!

No comments:

Post a Comment