Friday, November 25, 2011

මෙහෙව් කාර්යාලයක් . . . !














සිය ජිවිතයේ දී රාජකාරි කටයුත්තක් සඳහා කිසියම් කාර්යාලකට නොගිය කිසිවෙක් ඇතැයි නොසිතමි. සමහරු රාජකාරී කරන්නේ ද කාර්යාලවලය. මේ වචනය සිංහල බසින් තෙවිදිහකට නිදොස්ව ලිවිය හැකිය. ඒ කාර්යාලය, කාර්‍යාලය සහ කාර්‍ය්‍යාලය වශයෙනි.

එහෙත් දෙනෝ දහක් ගැවසෙන නුගේගොඩ නගරයේ තැපැල් කාර්යාලයේ තඩි අකුරින් කාර්යාලය යැයි ලියා ඇත්තේ මේ ඔබ ඡායා රූපයේ දකින ආකාරයට ය. ප්‍රසිද්ධ තැනක ඉංග්‍රීසි වචනයක් වරදවා ලියා ඇත්නම් විළියෙන් හැකිළෙන්නෝ කිපෙන්නෝ සියල්ලෝ මේ වරද ඉවසා වදාරත්.

රකාරාංශය කිසි විටක 'ර' සමග නොයෙදේ. එය යොදන්නේ 'ර'ට විකල්ප වශයෙනි. නොදන්න පණ්ඩිතකම් ප්‍රදර්ශනය නොකර සාමාන්‍ය පරිදි ලීවා නම් අහක ය. එහෙත් සිංහලෙන් ගොත ගැසීම ද වරදවා ලිවීම ද අද රටට ම ආඩම්බරයකි.

2 comments:

  1. ඔබතුමාගේ ඊමේල් ලිපිනය මට එවන්න පුළුවනිනම් . මගේ ලිපිනය viyamana.art@gmail.com

    ReplyDelete