Saturday, May 14, 2011

ප්‍රදර්ශන යැයි නිවැරදි ව ලියා ගත නොහැකි ප්‍රදර්ශකයෝ!

මේ දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වටා දැන්වීම් පෙළක් දක්නට ලැබේ. ඒ 2 වන චීන අධ්‍යාපන ප්‍රදර්ශනය ගැන ය. එය පැවැත්වෙන්න්නේ 14-15 යන දෙදින ය. නොමිලේ ඇතුළු විය හැකි මේ ප්‍රදර්ශනය විදෙස් අධ්‍යාපන වරම් බලාපොරොත්තු වන අයට සුබ ආරංචියකි.

කෙසේ වුව ද මේ දැන්වීම් පෙළ පුරා 'ප්‍රදර්ශන' යන්න ලියා ඇත්තේ 'ණ' කාරයෙනි. මෙසේ විශ්වවිද්‍යාලය වටා ඉතා සරල අක්ෂර වින්‍යාස රීති පවා උල්ලංඝනය කළ පුවරු දක්නට ලැබීම කනගාවුට කරුණකි. මේවා දකින අපේ ළමා පරපුර ලබන්නේ වැරදි පූර්වා දර්ශයකි. මේ සමයේ අළු ගසා දමා නැගී සිටි තුම්මුල්ල ලක්සල වටා ඇති පුවරුවල පවා ලියා ඇත්තේ මූර්ධජවලිනි. මෙසේ බැලු බැලු අත විශ්වවිද්‍යාල වටා පවා වැරදි වචන දකින්නට සලස්වා ළමුන්ගෙන් විභාගවලට නිවැරදි වචන බලාපොරොත්තු වීම විහිළුවකි. ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි.

තාලුජ 'ශ' අකුරට පසු 'න' ලිවීම සිංහල රීතියයි. දේශන, විමර්ශන, ප්‍රශ්න වශයෙනි. මේවා 'ණ' යොදා ලිවීම සදොස් ය. එහෙත් 'ශ' කාරය රකාරාංශයක් සහිත ව ඇති විට ලියන්නේ 'ණ' කාරයයි. ශ්‍රේණි, මිශ්‍රණ වැනි වදන් ඒ සඳහා නිදසුන් ය. එහිදී ක්‍රීයාත්මක වන්නේ රකාරාංශයක් සහිත අකුරකට පසු යොදන්නේ 'ණ'කාරය යන රීතියයි. එහෙයින් චීන, රුසියානු පමණක් නොව ඉරෙන් හඳෙන් පැමිණ ප්‍රදර්ශන පැවැත් වුවත් 'ප්‍රදර්ශන' යන්න ලිවිය යුත්තේ 'න'කාරයෙනි. ප්‍රදර්ශන පැවැත් වීමට පමණක් නොව එය නිවැරදි ව ලියන්නට ද හැකි නම් කෙතරම් හොඳ ද?

8 comments:

  1. obe adahas aganeya.eheth, ihatha lipiyehida etham thenaka ethi akshara winyasa dosha saha pada bedum dosha maga harawa gaththehinam watinakama thawath opawath wey.
    "paewaethwenne" yana thena hal nayanu dekaki. "puurwaadarshayaki" yana thenhi sandi wana depadaya ekkota liwiya yuthuy."laksala wata ethi puwaruwa la" yana thenada layanna ek kota liwiya yuthu ya.(mage Sinhala yaturu puwaru bhawithayehi nopohonaa bawata kamathwa.)

    ReplyDelete
  2. මුලින් ම වරද පෙන්වලා දුන්නාට ස්තූතියි. ඔබ කියන කතාව ඇත්ත මමත් වරද්දලා අනෙක් අයට හරියට ලියන්න කියලා පලක් නෑ.
    ඒ අතරින් මුල් එක නම් අත්වැරදීමක්. අනෙක් දෙක ම අන්තර්ජාලයට එක් කිරීමේ දී සිදු වු වැරදි මිස පද බෙදීමේ ක්‍රමය නොවේ.ඒ දෙක ම එක් කොට ලිවිය යුතුයි. මේ වගේ වැරදි ආයේ නොවෙන්න මං වග බලාගන්නම්. වරද පෙන්වූ ඔබට නැවතත් ස්තුතියි.

    ReplyDelete
  3. Baelu: baelmata ewa: tha:kshanika do:sha baew ka:hata wuwada peney. Warada penwuye wenat adahasakata peratuway. ada wanawita akuru winisa ha: wiyaranaya hudekma liyanna:ge denumen obbehi aethi tha:kshanayata ayath deyak bawata pirihelemin (pirihemin nowey) paevathey.Udaaharanekata ingilisi bhavitayehi matupitin penena viyarana:nuku:la bawat akuruwinisehi niravadyatawat hudu liyannange daskamakatath wada: tha:kshanayehi viduhurubawaki. enisa obage a:yathanayada aethulu basehi niwaradyathawa pathana siyallo: haekitha:k pariganaka thakshanayehi jayagragana bhashawehi niravadyathawa wenuwen a:yo:janaya kala yuththa:ha. evita antarjalayehi sinhalen liyana oba waennawunnat (obata wiwarana sepayeemata sinhala yathuru liyanayaehi nubuhuti ma:waennawuntath), pracharana a:yathana saha ewaeni wenat a:yathanawalasita liyannantath niwaeradi basin liwi:mata haeki wanawa: aetha.

    pasu satahana: obage pilithurehi dewana waekiyehi awasana naewaethmihi thitha thabanu yeheki.

    ReplyDelete
  4. හිතවත් මිතුරාට,
    ඔබ මේ අඩවිය වෙත පැමිණ නිතර අදහස් දැක්වීම ගැන ස්තූතියි. ඔබේ භාෂා දැනීම ගැනත් සතුටුයි. කොහොම වුණත් ඔබ මේ විදිහට දිගට ම සිංගිලිෂ්වලින් ලිවීමේ දී කියවීම හරි ම ආයාසකරයි. ඒ නිසා siyabas.lk අඩවියට ගිහින් අපේ සබැඳි යතුරු පුවරුව භාවිත කරමින් සිංහල අකුරින් ලියන්න. මේ විදිහට ලිව්වා ම ඇත්තට ම මම වෙන අඩවියක නම් කිසි ම දෙයක් බලන්නේ නෑ. ඒ කිසි දෙයක් නිසා නෙමෙයි,ඇසට අමාරු නිසාමයි.

    ReplyDelete
  5. හිතවත් ම‘මිතුර,
    ඔබ අද්දැකීමෙන් ම මා කියූ තතු අවබෝධ කොට තිබීම සතුට උපදයි.අප විසින් කළ යුත්තේ ඩී.එෆ්.කාරියකරවන වැන්නවුන් අතික්‍රමණය කර බසෙහි වියරණය දෙස නව මානයකින් බැලීමයි.එසේ නොවුනහොත් ලියන්නන් තමන්ට රිසි පරිදි ලියනවාට අමතරව ඔබ ගේ වටිනා කාලයත් ශ්‍රමයත් අපතේ යනවා ඇත.

    ReplyDelete
  6. දැන් නම් හරි ලේසියි බලන්න. ඔබ අදහස් කරන බසෙහි වියරණය පිළිබඳ නව මානය කුමක් ද? එය කාරියකරවන වැනි අයගේ ක්‍රමවේදයට වඩා වෙනස් වන්නේ කෙසේ ද? නිවැරදි සිංහල භාවිත කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම අප කළ යුත්තේ කෙසේ ද? යන ප්‍රශ්න කිහිපය ගැන ඔබේ අදහස දැනගත හැකි නම් මට බොහො ම ප්‍රයෝජනවත් වේවි.
    එමෙන් ම ඔබේ දැඩි විරෝධයක් නැත්නම් ඔබේ නමින් ම ලිවීම මැනවි. ඔබ කැමති නම් පමණි.

    ReplyDelete
  7. ම‘විසින් යෝජනා කෙරෙන නව මානය යනු මෙයයි;අප වෙසෙන ධනවාදයෙහි තෙවැනි කාර්තුවෙහි ලියන්නන් වනාහි දඹදෙණි යුගයේ විසූවෝ නොවෙති.ඔවුහු ඡේකප්‍රයෝග උගැන්මෙහි රිසි නොවනවාට අමතරව තමන් කැමති කැමති වියරණයෙන් නා නා පරිදි අකුරු ගළපා ලියති.වෙළහෙළදාමට ම රුචි පරිදි බස අනවරතයෙන් සකසති.ඔවුනට වියරණ ඉගැන්වීමට සති අන්ත පුවත්පත් තීරු පිරවීම නිරර්ථක ක්‍රියාවකි.ලේඛන (මෙවදන සියබස් ජාල අඩවියෙහි සදොස්ව ලියවී ඇත.) ව්‍යාකරණයෙහි අනාගතය තාක්ෂණය අත ම පවතී.එබැවින් නූතන බස් වඩුවෝ සිදත පෙරටු කරගත් ගත්කම් පසෙකලා, වැඩි වැඩියෙන් පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් සමග කුළුපගව, තාක්ෂණයෙහි වත්කම් භාෂා චිරස්ථිතිය විෂයෙහි ආයෝජනය කළ යුත්තාහ.එපමණකින් සියල්ල නොවිසදුන ද, අකුරු විනිසත් මූලික වියරණයත් රැකගත හැකි ය.අනෙක් අතට,අදහස් බාල වන විට කොහොමත් භාෂාව බාල වෙයි.හෙළයෙහි අභාග්‍යය නම් නව්‍ය අදහස් නූපද්දවීමයි.ඉතින් බසෙහි නණලළයක් කොද?
    (සඤ්ඤකාක්ෂර නොලියැවීම ගැන කමන්න.මාගේ ඇකමතයේ (Laptop)යතුරු පුවරුවෙහි දොසක් විය හැකි ය.)ඒ වගත් මෙසේ ය; කී දෙය මිස කී අය කවුරුදැයි දැනට පලක් නොවනු ඇත.

    ReplyDelete
  8. ඇකමතය.. මේ දැන් ඉගෙන ගත්තේ.. අපූරුයි..

    නාමල්, ඔබගේ ලිපි තුළින් යම් යම් දේ ඉගෙන ගන්නට ලැබෙයි.. එයට තුති..

    Unknown ගේ මහප්‍රාණ වලින් සමහරක් තේරුණි.. ඔහු මොනවා හෝ වැදගත් යමක් කියන්නට උත්සාහ කරන බැවු පෙනේ.. ඔහු ගැන අනුකම්පා කරමි..

    ReplyDelete