Tuesday, July 26, 2011

මෙහෙව් දර්ශනයක් !



ඇතම් භාෂා වැරදි සිදුවන්නේ නොදැනීම නිසා ම නොව නොසැලකිල්ල නිසා ය. දර්ශන යන්න 'ණ'කාරයෙන් ලිවීම සදොස් ය. එනම් තාලුජ 'ශ'ට පසු 'ණ' යෙදීම සිංහල ලේඛන වහර නො වන හෙයිනි. එතැන යෙදෙනුයේ 'න' කාරයයි.

මෙහි දැක්වෙන්නේ එක්තරා වෙබ් අඩවියක පළවූ පුවතක කොටසක් සහ එහි සිරසයි. මෙහි සිරසේ වැරදි ලෙස ලියූ වදන බඳෙහි නිවැරදිව ලියා තිබේ. එනම් මෙහි ඇත්තේ නොසැලකිල්ල පිළිබඳ කාරණයකි. අන්තර්ජාලයේ මෙම වදන නිවැරදිව 107 000 වරක් ලියා තිබේ. 23 300 වරක් උක්ත සිරසේ ලෙස වරදවා ලියා තිබේ. රජයේ govlk.com අඩවිය, dahamsayura.com අඩවිය සහ www.sannasa.org අඩවිය ද ඉහත 23 300ට දායක වී ඇත. දර්ශනය සදොස්ව ලියන අයගේ දර්ශනය පිළිබඳ ඇතැහු සැක කරති.

2 comments:

  1. දර්ශනය සදොස්ව ලියන අයගේ දර්ශනය පිළිබඳ ඇතැ"ම්"හු සැක කරති.

    අත් වැරදීමක් බව දනිමි.. ඔබේ මෙහෙය අගේ කරමි..

    ReplyDelete
  2. ඔව් චතුර පොඩි අත්වැරැද්දක් වෙලා. රාජකාරී වැඩ කරන අතර ලැබෙන පුංචි විරාමයක කරන වැඩනේ. ස්තූතීයි. මම ඒක නිවැරදි කරන්නම්.

    ReplyDelete