Wednesday, July 13, 2011

Good උදෑසනක්!!!



දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි නරඹමින්, මහ වීදිය ඔස්සේ පයින් ගමන් කරන අතර මම මේ බැනරය දුටිමි. වැඩ බලන නව නගරාධිපතිතුමාට (මුස්ලිම්) සුබ පතා ඇත්තේ සිංහල පිරිසකි. තනි ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස, එකට එක්ව ඉදිරියට යාමට මේ සුහදත්වය වැදගත් ය.

එහෙත් සංස්කෘත තත්සම සහ තත්භව වදන් එකට යෙදීම සදොස් ය. එය එළ හරක් මී හරක් බානක් එකට බැන්දා වැනි නො ගැළපෙන යෙදුමකි. 'සුභ' යනු පාලි තත්සම ය. (ශුභ යනු සංස්කෘත තත්සම වේ.) 'පැතුම්' යනු තත්භව ය. මේ දෙක එකට යෙදු කල එළ හරක් මී හරක් යෙදුමක් තැනේ. 'සුබ උදෑසනක්' නො කියා 'Good උදෑසනක්' කීවා වැනි විකාර යෙදුමකි; මේ. සුබ යන්නේ 'බ' මහප්‍රාණයෙන් උච්චාරණය කිරීමක් ද අද සිංහලයින් අතර නැත.

එහෙයින් යෙදුමක තත්භව වදනක් සමග තව වදනක් යෙදෙන විට එහි තත්භව රූපය ම යෙදිය යුතු ය. තද්සම සමග තද්සම රූපයක් ම යෙදීම මැනවි. අපේ වහරට වඩා සමීප වන්නේ තත්භව වදන් ය. එනම් 'සුබ පැතුම්' ය. යමෙක් තත්සම යෙදුමට රුචි නම් 'සුභ ප්‍රාර්ථනා' ලෙස යෙදීමට අවහිරයක් නැත. විශේෂයෙන් ඇතැම් කලා නිර්මාණවලට එය අවශ්‍ය විය හැකි ය. ඒ ඇතැම් රස උද්දීපණය පිණිස ය. අමරදේව ගයන සරස්වතී පූජා ගීතය නිදසුනකි.

5 comments:

  1. // 'සුභ' යනු පාලි තත්සම ය.//

    // 'පැතුම්' යනු ද තත්භව ය.//


    අපේ වහරට වඩා සමීප වන්නේ තත්සම වදන් ය. එනම් 'සුබ පැතුම්' ය ...

    ??????

    ReplyDelete
  2. වරද පෙන්වා දුන්නාට ස්තුතියි. එය නිවැරදි කළා.

    ReplyDelete
  3. නගරාධිපතිතුමාගේ නම ‘මුස්ලිම්‘ ද?

    ReplyDelete
  4. ඔව්, එතුමා මුස්ලිම් ජාතිකයෙක්. ඒ නිසා මුස්ලිම් නමක් තමා එයාට තියෙන්නේ. මුස්ලිම් අය සිංහල අය වගේ සංස්කෘත, හින්දි, ඉංග්‍රීසි, ජපන් නම් අරගන්නේ නෑ. ඒ අයට තමන්ගේ සංස්කෘතිය පිළිබඳ හීනමානයක් නෑ.

    ReplyDelete